Wednesday, 30 August 2023

පත්තර කොලම තුන්වන දිග හැරුම

පුවත්පතක හැඩරුව ( ප්‍රමාණය ) -

පුවත්පත් පහත සඳහන් පරිදි ප්‍රමාණ කිහිපයකින් පළ වෙයි. විවිධ අරමුණු පෙරදැරි කරගෙන පළ කරන පුවත්පත්වල ප්‍රමාණ ද වෙනස් වෙයි. පිටුවල ප්‍රමාණය මෙන්ම පිටු ගණනද  තීරණය කරන්නේ පුවත්පත් සමාගම් විසිනි. පුවත්පතක් බිහි කරන්නට වැය කරන ප්‍රාග්ධනයේ ප්‍රමාණය මත මෙන්ම වෙනත් කාරණා මත ද මෙසේ පුවත්පතක ප්‍රමාණය තීරණය කිරීමට බල පා ඇත. 

1. පළල් පිටු පුවත්පත්

2. පටපිටු (Tabloid ) පුවත්පත්

3. සඟරා ප්‍රමාණයේ  පුවත්පත්

4. තීරු පුවත්පත්


පලල් පිටු පුවත්පත් {Broad sheet } 

සම්මත ලොකු ප්‍රමාණයේ පුවත්පතක් හැඳින්වෙන නාමයයි. අගල් 23 x 16 ලෙස රොටරි මුද්‍රණයෙන් භාවිතයට ආ ප්‍රමාණයකි. ඉරිදා  හා දිනපතා ජාතික පුවත්පත් පළවන්නේ මේ ප්‍රමාණයෙනි.

පටපිටු පුවත්පත් ( Tabloid )

ටැබ්ලට් යන ඉංග්‍රීසි යෙදුමෙන් බිඳී ආ අතිරේක යෙදුමකි. විශාල ප්‍රමාණයේ පුවත්පතකින් භාගයක් වන පරිදි සැකසුණු කුඩා ප්‍රමාණයේ පුවත්පතකි. එහි ප්‍රමාණය  අඟල් 16 x 12 ක් වේ. මෙම පටපිටු පත්තරය විශාල පාඨක පිරිසක් අතට පත්විය හැකි ප්‍රත්‍රිකා විශේෂයක් ලෙස හඳුන්වනු ලැබේ. විකල්ප පුවත්පත් හා විශේෂ වර්ගයේ පුවත්පත් පළ වන්නේ මෙම ප්‍රමාණයෙනි.

සඟරා ප්‍රමාණයේ පුවත්පත් ( Magazine size)

පළල් පිටු ප්‍රමාණයෙන් 1/4 ක් වන සේ සකස් කළ කුඩා පුවත්පත් විශේෂයකි. බොහෝ කාන්තා හා යොවුන් පුවත්පත්, මල් පත්තර, චිත්‍ර කතා පත්‍ර, අධ්‍යාපනික පත්‍ර, ළමා පත්‍ර පළ වන්නේ මේ ප්‍රමණයෙනි.


තීරු පුවත්පත් (Column size)

පුවත්පත්  පළ කිරිමට ගනු ලබන නිවිස් ප්‍රින්ට් කඩදාසි  හිඟය  හේතුකොට ගෙන බිහි වූ පුවත්පත් විශේෂයකි. මෙරට ප්‍රථම තීරු පුවත්පත වන්නේ චින්තන ජයසේන් ගේ " කොළම " (1971) පුවත්පත යි.  ත්‍රිශූලේ, කපුටා, කිණිහිර තවත් තීරු පුවත්පත් කීපයකි. මෙම පුවත්පත් පටු තීරුවක ආකාරය හා ප්‍රමාණය ගනියි.

සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment