Tuesday 12 September 2023

RELIGIOUS NEWS PAPERS

 2. බුදුසාදු
   Budusadu
 ( පුංචි දරුවන්ට මහා කරැණාවෙන් )
 





නිකුත්වූ දිනය- 2013 ජුනි ( පොසොන් )
ප්‍රධාන කතෘ- භාරතී වීරසිංහ 
සහාය කතෘ- දුලාංජලී මුතුවාඩිගේ 
                       අකිල රන්සිරි මලලගේ 
ආරම්භක පිටු - 36
ආරම්භක මිල - රු. 50. 00 
ප්‍රමාණය -  27.5 Cm × 22 Cm
ප්‍රකාශනය- ලේක් හවුස් ප්‍රකාශන 

                       මසකට වරක් නිකුත්වු බෞද්ධ ආගමික ළමා සඟරාවකි. අරුණ නවීන්ද්‍ර මහතාගේ සිතුවම් නිර්මාණ යොදා ගනිමින් ළමා මනසට ඔබින ලෙස පන්සිය පණස් ජාතක කතා ,  ධර්ම කරුණු , හොඳපුරුදු, ගුණදම් හා සිරිත්විරිත් පුවත්පත මගින් ඉදිරිපත් කර තිබේ. 

                            බන්ධුල පද්මකුමාර මහතා   ලේක් හවුස් ආයතනයෙහි අධිපති ධූරය හෙබවූ 2012 - 2014 වකවානුව තුල ආයතනය තුල පෙරළියක් ඇතිකරමින්  නවතම තේමාවන් යටතේ ආදර්ශමත් පුවත්පත් හා සඟරා  රාශියක්   එලිදැක්වීමට කටයුතු කෙරිණි . එසේ නිර්මාණය වූ පුවත්පත් අතරින් " බුදුසාදු " ,   
බන්ධුල පද්ම කුමාර මහතාගේ උපදේශකත්වයෙන්   නිර්මාණය වූ  සාර්ථකම ළමා සඟරාවකි.  නමුත්, පසුව බන්ධුල පද්ම කුමාර මහතා ලේක් හවුස් ආයතනය තුලින් ඉවත් කල පසුව හා ආයතන ගැටලු කිහිපයක් හේතුවෙන්, සඟරාව සාර්ථකව නිකුත්වු  කලාප කිහිපයකට පසුව නවතා දැමිණ .  

පසුකාලීනව මෙම ආකෘතියේම ළමා සඟරාවක් සමනළ ප්‍රකාශන ආයතනයෙ හි මූලිකත්වයෙන් දහම් පාසල නමින් ආරම්භ කෙරුණත් පසුව එය ද නවතා දැමිණ. 

No comments:

Post a Comment