Thursday 16 November 2023

COMIC NEWS PAPERS

2. ළමා චිත්‍රකතා පුවත්පත්
 
3. සිඟිති සිත්තර 
 Sigithi Siththara 
 ( ශ්‍රී ලංකාවේ පළමු ළමා අධ්‍යාපනික චිත්‍රකතා ප්‍රකාශනය  )
 
  1
කලාපය 
   2 කලාපය
  
  3 කලාපය

   6
කලාපය
  7 කලාපය 

 
නිකුත්වූ දිනය- 1991 මැයි 4 සෙනසුරාදා
ප්‍රධාන කතෘවරු- බන්ධුල සමරසේකර 
                               රංජිත් ෆොන්සේකා
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 6.00 
ප්‍රමාණය - 
ප්‍රකාශනය-මල්ටි ෆැක්ස් ලංකා සමාගම
මුද්‍රණය - මල්ටි ෆැක්ස් මුද්‍රණාලය 

 
               එතෙක් මෙරට පැවති චිත්‍රකතා ප්‍රකාශන තුල වෙනසක් ඇති කරමින් මල්ටි ෆැක්ස් ලංකා සමාගම මගින් මෙරට ළමා පරපුර ඉලක්ක කොට ගෙන නිකුත් කරන ලද නවතම  ප්‍රකාශනය වූයේ 
"  සිඟිති සිත්තර" යි. 
             ළමා පරපුර සඳහා නුසුදුසු බාල බොලඳ චිත්‍රකතා ප්‍රකාශන රැසක් ඒ වනවිට නිර්මාණය වී තිබීම හේතු කොට ගෙන, ළමයින් සඳහා ආදර්ශවත් චිත්‍රකතා ප්‍රකාශනයක් නොවීම පිළිබඳව එවකට සමාජ මතයක් ගොඩනැගී තිබම  පිළිබඳව සලකා බැලීමේ ප්‍රථිපලයක් ලෙස එවකට " සිඟිති සිත්තර " බිහිවිය. 

          ආරම්භයේ සිටම චිත්‍රකතා පුවත්පත් තුල වෙනසක් ඇති කරමින් ප්‍රමාණයෙන් කුඩාවට  පුවත්පත නිකුත් කලත් කලාප 9 කට පසුව 10 වන කලාපයේ සිට පුවත්පත නැවත අනෙක් චිත්‍රකතා ප්‍රකාශන නිකුත්වු සාමාන්‍ය ප්‍රමණයෙන්ම නිකුත් කිරීමට කටයුතු කෙරිනි.
 
                               3'4'5' ළමුන් සඳහා අදාල
 පාසල් පාඩම් මාලා මෙන්ම එවකට ළමාලොකයේ වීරයන් ලෙස ජනප්‍රිය ව තිබූ  ඔලිවර් ට්විස්ට් , හකල්බරි ෆින්, ගලිවර්, රොබින් හුඩ් , රෝඩ් රනර්, පිස්සු පූසා , අපූරු අමුත්තා, දේව සළුව වැනි ජනප්‍රිය හරවත් නිර්මාණ රැසක් ද චිත්‍රකතා මාධ්‍යයෙන්  පුවත්පතට අන්තර්ගත කර තිබිනි. 
 
                      කෙසේ වෙතත් ආයතනයේ තීරණයක් මත එතෙක් ජනප්‍රිය ව තිබූ
 පුවත්පත වසරක් වැනි කාලයක් තුල හදිස්සියෙහිම නවතා දැමීමට කටයුතු කෙරිනි.

 

No comments:

Post a Comment