Friday 6 October 2023

CHILDREN NEWS PAPERS

 4. විජය 
   Vijaya 
  ( සතිපතා ළමා පත්‍රය )

 ## 1 කාණ්ඩයේ තොරතුරු -
   
                                  23 කලාපය 
 
                                  24 කලාපය 
     
                                    25 කලාපය 

                                  27 කලාපය 
   
                                 28 කලාපය 

                                 29 කලාපය 

                                    30 කලාපය 
  
                               31 කලාපය 
   
                                      32 කලාපය 

                                       33 කලාපය 
   
                                    34 කලාපය 

                               35 කලාපය 
                               36 කලාපය 
   
                                   37 කලාපය 

                                      38 කලාපය 
   
                                      39 කලාපය 
  
                                   40 කලාපය 

                             42 කලාපය 
   
                          43 කලාපය 

                                  45 කලාපය 
  
                              46 කලාපය 

                              47 කලාපය 
   
                                  48 කලාපය 
                                 51 කලාපය 
                                 52 කලාපය 
  
නිකුත්වු දිනය- 1980 ජුලි 20
මුල් සංස්කාරක- කිත්සිරි සමරනායක 
ආරම්භක මිල - රු. 1.50
ආරම්භක පිටු - 16
පළමු කාණ්ඩයේ පුවත්පතෙහි ප්‍රමාණය - 
                     40 Cm × 29 Cm 
ප්‍රකාශනය- විජය ප්‍රකාශන 

"විජය" උපන්නේ මෙන්න මෙහෙමයි. 

      දුවේ පුතේ, ඔබ ආදරයෙන් කියවන ළමා පුවත්පත් අතර ආකර්ෂණීය පුවත්පතක් වන්නේ "විජය" යි. අඟහරුවාදා දින වල ඔබ අතට පත්වෙන විජය පුවත්පත ඉපදුනේ කොහොමද කියල ඔයාල දන්නවද ?

ඔබ දන්නව ඇති "මිහිර" කියන පුවත්පත ගැන. "මිහිර" ලේකහවුස් ආයතනය මගින් පළ කරන ළමා පුවත්පතක්. මිහිරෙහි උපන් දිනය වන්නේ 1964 ජූලි මාසෙ 27 වැනිදා. අදට මිහිර පුවත්පතේ වයස අවුරුදු පනස් නමයක් වෙනව. ( මිහිර පත්තරේ ඔක්කොම විස්තරත් ඔන්න ඉක්මනින්ම " පත්තර අරණින් " බලන්න පුලුවන් .. 😊

විජය පුවත්පත බිහි වන්නේ මිහිර බිහි වෙලා හරියටම අවුරුදු දහසයකට පස්සෙ.
එහි උපන් දිනය 1980 ජූලි මස 20 වැනිදා ඉරිදා දිනයක යෙදී තිබුණේ. විජය ළදරුවාගේ තිඹිරිගෙය වන්නේ සීමාසහිත විජය පුවත්පත් සමාගම. අදට විජය පුවත්පතේ  වයස අවුරුදු හතලිස් තුනක් වෙනව.

දුවේ පුතේ,  ඔබ විජය පුවත්පතේ මුල්ම කලාපය එනම් මංගල කලාපය දැක නැත්නම් අපේ පත්තර අරණින් බලාගන්න පුළුවන්. 

විජය මංගල කලාපයේ මුල් පිටුව නිර්මාණය කරල තියෙන්නෙ පී. වික්‍රමනායක මාමා විසින්. ඔහු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු මෙන් ම චිත්‍රකතා ශිල්පියෙකු ද වෙනව. 

ඔහු විසින් අඳින ලද මුල් කවරයෙන් නිරූපණය වෙන්නේ සෙල්ලම් පෙරහැරක්. ඊට කවි පද එක්කර තිබුණේ දෙල්තොට චන්ද්‍රපාල මාමා. 
විජය පුවත්පතේ මුල්ම කතුවරයා වුණේ කිත්සිරි සමරනායක මාමා.

  විජයට විජය කියන නම තියලා  තිබුණේ "ළමයින් විජයග්‍රහණය කරා ගෙන යන පත්තරය" යන අර්ථයෙන්. 

ළමා පරපුරට කියවීම හුරුකරන්නට, දැනුමින් පෝෂණය කරන්නට, යහගුණ වඩන්නට, පාසල් විෂය කරුණු ඉදිරිපත් කරන්නට විජය තැබූ පියවරවල් රාශියකි. විශ්ව දැනුම, සාහිත්‍ය කලාව, ඉතිහාස කරුණු, විද්‍යාත්මක කරුණු ආදී බොහෝ කරුණු විජයෙහි ඇතුළත් වෙලා තියෙනව. 

විජය ළමා ඥාන කෝෂය, කතා පොත්, අතිරේක, රූප සටහන් හැමදාම විජය පුවත්පතින් ඔබට ළබා දුන්නා. ( ඔන්න " පත්තර අරණ මතක පෙත " තුලින් මේවා දැකබලාගන්නට පුලුවන්... 👉  )

විශේෂ කරුණක් තමයි දුවේ පුතේ මුල සිටම විජයත් සමග ඔබේ විනෝදය සඳහා ඉදිරිපත් කරන ළමා චිත්‍රකතා. පී වික්‍රමනායක මාමගේ "කුරුපුංචිගෙ කතාව", පියල් උදය සමරවීර මාමගෙ "කැලේ කතාව" "මල් මාමා", හිඟුල්වල දිසානායක මාමගේ සහ ආන්නද රණතුංග මාමගෙ චිත්‍රකතා අපට අමතක කරන්න බෑ. ( මෙහි පලවෙන විජය පුවත්පතේ පලවූ චිත්‍රකතා ගොනුවට ගියොත් ඔන්න මේ චිත්‍රකතා ආයෙත් බලන්න පුලුවන් ... 😊😊  )

ඉතින් දුවේ පුතේ ,
ඔබේ සතුට, දැනුම හා විනෝදය සඳහා නිර්මාණය වූ විජය,  ළමා ලෝකය බබලවමින් තවදුරටත්  වැජඹේවායි ප්‍රාර්ථනා කරමු ! 





  [ සුප්‍රි මාමා ]

No comments:

Post a Comment