Wednesday 29 November 2023

COMIC NEWS PAPERS

48.සක්විති 
   Sakvithi 
 ( පවුලේ රස සංග්‍රහය )
 
 
මංගල කලාපය 
නිකුත්වු දිනය- 2004 ඔක්තෝබර් 18
ආරම්භක සංස්කාරක- ශ්‍රීනාත් 
                                        කුරුකුලසුරිය 
ආරම්භක පිටු - 20
ආරම්භක මිල - රු. 20.00
ප්‍රමාණය - 37Cm × 29Cm
මුද්‍රණය- මාධවී පැතුම් මුද්‍රණාලය
                   -කැළණිය
ප්‍රකාශනය- මාධවී ප්‍රකාශන 

    2 කලාපය
     3 කලාපය
 
    4 කලාපය 
 
     5 කලාපය
     6 කලාපය 
     7 කලාපය
 
      8 කලාපය
      9 කලාපය 
      10 කලාපය
 
චිත්‍රකතා ලොව රජ ගමනක් යාමට හැකිව තිබූ " සක්විති" ........
 
       ප්‍රකාශන මාධ්‍ය අතර ලෝකයේ ඉතා ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් වනූයේ චිත්‍රකතාවයි.
                          මේ 20 වන සියවසෙහි මුල් භාගයයි. ඒ මෙරට චිත්‍රකතාව ඇතුළු සකල විධ කලාවන් පරිහානියට පත්වෙමින් තිබූ වකවානුවයි. චිත්‍රකතා ලොව රජ ගමනක යෙදෙන්නට ඇවැසි උසස් නිර්මාණ ගොන්නක් රැගෙන , එදා මෙදා තුර මෙරට රසික හද බැඳගත් සිත්තරුන් පොකුරක් එක්කර ගනිමින් 
සක්විති මෙරට චිත්‍රකතා පුවත්පත් ලොවට කලඑළි දුටුවේය. 
                    සක්විති ආරම්භයට පෙර සතියෙහි මංගල පියවරට පෙර, මුල්පිටපතක් චිත්‍රකතා රසිකයන්ට නොමිලේම බෙදාහැරිනි. පසුව ඔක්තෝබර් 18 සඳුදා නැවත එළිදුටුවේ ශ්‍රීනාත් කුරුකුලසුරිය මහතාගේ සංස්කරණයෙන් වෙනස්කම් සහිතව නිකුත් කල "සක්විති "මංගල කලාපයයි. 

               කලකට පසු නිකුත් වූ "සක්විති" සැබැවින්ම මෙරට පාඨක රැචිය හඳුනාගත් ඉතා හොඳ සමබර චිත්‍රකතා ප්‍රකාශනයක් ම විය.   ආරම්භයේදි
බන්දුල හරිස්චන්ද්‍ර , ඇන්ටන් බී පෙරේරා , ජනක ඉලුක්කුඹුර , අරවින්ද , ඇන්ටන් තානාපති , කුමුදු තාරක ( තරූ), ප්‍රගීත් අබේධීර , අනුර ශ්‍රීනාත්  වැනි ප්‍රබල සිත්තරුන් රැසකගේ චිත්‍රකතා ගොන්නක් මෙන්ම උදය තෙන්නකෝන්, චන්දි කොඩිකාර , ගංගා ෂයිනි ගමගේ රචනා කල නවකතා කිහිපයක් ද අන්තර්ගත කර තිබිනි.  පසුව කලාප කිහිපයකට පසුව නවකතා ඉවත්කර ඒ වෙනුවට තවත් චිත්‍රකතා කිහිපයක් ද එක් කෙරිනි. 
        කෙසේ වෙතත් කලාප 25 කට පමණ පසුව, පුවත්පත තුල වූ යම් නිර්මාණයකට යොදාගත් දේශපාලනික ප්‍රහසනයක් මුල්කොටගෙන ,  ශිල්පීන් කිහිප දෙනෙකු අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ශිල්පීන් කිහිප දෙනෙකුගේ ඉවත්ව යාම හේතුකොට ගෙන එතෙක් පුවත්පත තුල වූ නිර්මාණ තුල පැවති සමබරතාවය බිඳවැටිනි.  
 
       පසුව ඇන්ටන් බී පෙරේරා මහතාගේ සංස්කරණයෙන් යුතුව හේමන්ත වරකපිටිය වැනි තවත් ශිල්පීන් කිහිපදෙනෙකු ඈඳාගනිමින් නවතම චිත්‍රකතා නිර්මාණ කිහිපයක් ද එක්කොට ගනිමින් පුවත්පත ඉදිරියට පවත්වාගෙන යාමට උත්සහ කලත් ඒ සියලු උත්සාහයන් අසාර්ථකවිය.  අවසන 2 කාණ්ඩයේ කලාප 3 කට පමණක් සීමාවෙමින් චිත්‍රකතා ලොව සක්විති ද නිහඬ විය.




      2 වැනි වර්ෂ පූර්ණ කලාපය ☝️
      ( 2 කාණ්ඩය 1 කලාපය )
 
    
2 කාණ්ඩය 2 කලාපය 

     නිකුත්වූ අවසාන කලාපය ☝️    
     ( 2 කාණ්ඩයේ 3 කලාපය )






No comments:

Post a Comment