Wednesday 6 December 2023

COMIC PAPERS

42.සඳහිරු 
   Sandahiru 
 ( බලන්න ලස්සනයි )
  
   8 කලාපය
    2 කාණ්ඩය 9 කලාපය 

   2 කාණ්ඩය 21 කලාපය 


මංගල කලාපය
නිකුත්වු දිනය- 1999 ජනවාරි 11
ප්‍රධාන කතෘ-  අජිත් නිලංග
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 9.00
ප්‍රමාණය -  27.5 Cm× 22 Cm
මුද්‍රණය - ඉමාෂී ප්‍රින්ටර්ස් - නුගේගොඩ
ප්‍රකාශනය- ඉමාෂී ප්‍රකාශන 

** ආරම්භයේදී සඳහිරු සැරසූ සිත්තරුන් -

අජිත් නිලංග 
විල්ටන් රාජපක්ෂ 
විරාජිත් පතිරණ 
විජය කීර්ති 
සුගත් රෝහණ 
රංජිත් පීරිස් 
රවී වික්‍රමතුංග 
අංජන ඉන්ද්‍රජිත් 
ඩොනල්ඩ් රත්නායක 
නිමල් අබේචන්ද්‍ර
සජීවන් ආරියවංශ



 චිත්‍රකතාවට පෑයූ " සඳහිරු".....

     ඉමාෂී ආයතනය විසින් නිකුත් කල හීසර චිත්‍රකතා පුවත්පතට ලද පාඨක ආකර්ෂණය නිසාම ආයතනය විසින් සිය දෙවන චිත්‍රකතා ප්‍රකාශනය ලෙස, අජිත් නිලංග මහතාගේම සංස්කරණයෙන් සඳහිරු 1999 වසර ආරම්භයේදී නිකුත් කරනවා. 

            හීසර සැරසූ සිත්තරුන්ට අමතරව
සුගත් රෝහණ, සජීවන් ආරියවංශ, විජය කීර්ති, රවී වික්‍රමතුංග යන සිත්තරුන් ද සඳහිරු හා එක්වෙනවා. ආරම්භයේ සිටම "හීසර" පුවත්පත හා සමාන ජනප්‍රියත්වයක්, සාර්ථකව "සඳහිරු" පුවත්පත  ද ලබා ගන්නවා.  විවිධ වෙනස්කම් සහිතව වසර 2 ක් පුරා "සඳහිරු " චිත්‍රකතා ලොව වැජඹෙනවා. නමුත් වසර 2 කට පසු, කලාප 105 ක් අවසානයේ සඳහිරු ගමන හදිසියේම අවසන් වෙනවා. ඒ නවතම ඇරඹුමක් සඳහායි...... 

 
  2001 ජනවාරි 08 සඳුදා 
  2 කාණ්ඩය 53 කලාපය   
  නිකුත් වූ අවසන් "සඳහිරු" පුවත්පත☝️




 
 
 
 
 
 

No comments:

Post a Comment