Wednesday 14 February 2024

COMIC PAPERS

43. මල් කැකුළී 
  Mal Kekuli 
  (ආදරයේ උණුසුම සමඟ )




මංගල කලාපය 
නිකුත්වු දිනය- 2001 ජනවාරි 15 සඳුදා 
ප්‍රධාන සංස්කාරක- අජිත් නිලංග 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 15.00
ප්‍රමාණය - 37Cm × 29Cm
මුද්‍රණය - ඉමාෂී ප්‍රින්ටර්ස් - නුගේගොඩ
ප්‍රකාශනය- ඉමාෂී ප්‍රකාශන ආයතනය 

**මල්කැකුළී සැරසූ චිත්‍ර ශිල්පීන් - 
 
 රංජිත් පීරිස් 
අජිත් නිලංග 
විරාජිත් පතිරණ 
විල්ටන් රාජපක්ෂ 
අරුණ ජයකොඩි 
හේමන්ත වරකපිටිය 
විජය කීර්ති 
ලලිත් නිශාන්ත 
සජීවන් ආරියවංශ 
ඩොනල්ඩ් රත්නායක 
සුගත් රෝහණ 
නාලක කෝට්ටගේ
 
 
 
                       ඉමාෂී ප්‍රකාශන  ආයතනය මගින් නිකුත් කල දෙවැනි චිත්‍රකතා ප්‍රකාශනය වූ සඳහිරු චිත්‍රකතා පුවත්පත කාණ්ඩ 2 ක් අවසානයේ නවතා දැමූ ඉමාෂී ප්‍රකාශන සමාගම, වසර 2001 ආරම්භයේදීම සඳහිරු චිත්‍රකතා පුවත්පතට නවමු වෙනසක් ඇති කරලමින්, සඳහිරු චිත්‍රශිල්පීන් ගේ ම නිර්මාණ සමගින් මල් කැකුළී නමින් චිත්‍රකතා විශේෂාංග පුවත්පතක් 2001 ජනවාරි මස 8 දින නිකුත් කිරීමට පූර්ව ප්‍රචාරණ කටයුතු සිදුකලත් , පසුව දිනයෙහි වෙනසක් කරමින් තවත් සතියකට පසුව, එනම් 2001 ජනවාරි 15 දින නිකුත් කිරීමට කටයුතු කලා. 
              ප්‍රමාණයෙන් වඩාත් විශාලව  චිත්‍රකතා ,නවකතා , කෙටිකතා , පාඨක අත්දැකීම් හා නිර්මාණ මෙන්ම ක්‍රීඩා තොරතුරු ඇතුළු සතිය පුරා කියැවීමට හැකි පරිදි විශේෂාංග රැසක් පුවත්පත තුල අන්තර්ගත වුනා.  
               කෙසේ වෙතත්  මේ සියලුම වෙනස්කම් සමඟින් චිත්‍රකතා කරලියට ආ මල්කැකුළි හට සඳහිරු තරම් පාඨක ආකර්ෂණය ලබා ගත නොහැකි වූ අතර, තවත් මෙරට නිකුත්වු අසාර්ථක වූ චිත්‍රකතා ප්‍රකාශන ගොන්න අතරට එක්වෙමින් කලාප 5ක් අවසන පුවත්පත සම්පූර්ණයෙන්ම නවතා දැමුවා.


  නිකුත් වූ අවසන් මල්කැකුළි පුවත්පත☝


👈"මල්කැකුළී" වුන "සඳහිරු" ගැන විස්තර මෙතැනින් ගියොත් කියවන්න පුළුවන්...





No comments:

Post a Comment