Nawakatha Esa
(ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නවකතාකරුවන්ගේ නවකතා එකතුවක්)
මංගල කලාපය
නිකුත් වූ දිනය- 2006 ඔක්තෝබර් 26
ප්‍රධාන සංස්කාරක- අසිත හෙට්ටිආරච්චි
ආරම්භක පිටු- 32
ආරම්භක මිල- රු. 20.00
ප්‍රමාණය- 27Cm × 22.5 Cm
ප්‍රකාශනය- ඇස ප්‍රකාශන සමාගම
මුද්‍රණය - ඩී. ආර්. ප්‍රින්ටර්ස්
70-80 දශකය මෙරට චිත්‍රකතා පුවත්පත් සඳහා ඉහළ ජනප්‍රියතාවයක් තිබූ වකවානුවක් විය. එවැනිම ජනප්‍රියතාවක් තිබු යොවුන් පුවත්පත් ( මල් පත්තර ) වැඩි වශයෙන් නිකුත් වු කාලසීමාව 90-2000 දශකයයි. වෙළඳකලාප ආශ්‍රිතව රැකියාවේ නිරතවන තරුණ ප්‍රජාව අතර යොවුන් පුවත්පත් සඳහා වැඩි ඉල්ලුමක් තිබුනි. එම ඉල්ලුමට සරිලන සේ විවිධ නම් වලින් යොවුන් පුවත්පත් රාශියක් එම වකවානුවේ මෙරට පත්තර ලෑලි තුල විය.
නමුත් 20 සියවස මැදභාගය වනවිට මෙරට යොවුන් පුවත්පත් කලාවද කෙමෙන් පරිහාණියට පත්වීම ඇරඹිණ. තරුණ ප්‍රජාව ක්‍රමයෙන් ස්මාට් දුරකථන භාවිතයට නැඹුරුවෙමින් පැවතිණි.
මෙසේ බිඳවැටෙමින් පවතින යොවුන් පුවත්පත් කලාව නැවත නගා සිටුවීමේ අරමුණෙන්, එවක මෙරට සිටි ජනප්‍රියතම ලේබක ලේබිකාවන් පිරිසකගේ එකතුවෙන් ඇරඹි පුවත්පතක් වුයේ " නවකතා ඇස" පුවත්පතයි. පිටු 32 කින් හා රු. 20.00 මිලකින් යුතුව සතිපතා වෙළඳ පලට නිකුත් වූවත් පාඨක ආකර්ෂණය නොලැබි මෙම පුවත්පත ද කලාප 5 කට පමණක් සීමා විය.





No comments:
Post a Comment