Tuesday 31 October 2023

POEM NEWS PAPERS

 3. ගීතාංජලී
    Geethanjali 
  ( සතිපතා පලවෙන එකම කවි පත්‍රය  )
 

නිකුත්වූ දිනය - 1964 ජුලි 28 අඟහරුවාදා 
ප්‍රධාන කතෘ- 
ආරම්භක මිල - රු. 
ආරම්භක පිටු - 12
ප්‍රමාණය - 
ප්‍රකාශනය- සීමාසහිත ස්වාධීන පත්‍ර සමාගම 
කවරයේ නිරූපණය - සෝබනී අමරසිංහ 
කවරයේ චායාරූපය - තිස්ස කොතලාවල 


සකළ සිරින් පිරි සිරි   ලංකාවේ 
කොළොම්පුරය යන නගර  වරේ
මෙකල පසිඳු මහ 'දවස' නිවස   බිහිකරනා 'ගීතාංජලී '  සඟරේ 
කිකලත් කොපි සක්විති කමලත් අය 
යාවිද ඒ යන අඩිපාරේ 
නොකළහොතින් කොපි එය මහ පුදුමෙකි 
විමසිල්ලෙන් සිටිනුය   මිතුරේ 

                   60 දශකය තරම් අතීතයේ මෙරට පුවත්පත් කලාව අතර කවි පුවත්පත් සඳහා තිබූ ඉල්ලුම කෙතරම්ද යන්න ගීතාංජලී පුවත්පත තුල ඇති, ඉහත සඳහන් කවි පන්තිය තුලින් පැහැදිලි වේ. 
                           එවකට මෙරට ජනතාව අතර  රූපවාහිනී මාධ්‍ය වැනි රසවින්දන මාධ්‍යයක් නොතිබූ අවධියක් බැවින්  කවි පුවත්පත් පිළිබඳ විශාල ඉල්ලුමක් පැවත තිබේ.  එවැනි පුවත්පත් අතරට එක්වූ තවත් පුවත්පතක් වනුයේ " දවස" නිවසින් බිහිකල ගීතාංජලී පුවත්පතයි.  මංගල කලාපය, එවකට දවස නිවසින් නිකුත් කෙරූ රිවිදින පත්‍රය සමග නොමිලේම බෙදා හැර තිබේ. 
                                       කාලීන, විවාදාත්මක, විවේචනාත්මක  හා රසවින්දනාත්මක කවි පන්ති වලින් පුවත්පත සමන්විත වේ.  
විමලේන්ද්‍ර වතුරේගම , සයිරස්, ඩබ්ලිව් සුරේන්ද්‍ර, සිරිල් බී. පෙරේරා, චිත්‍රානන්ද අබේසේකර , සිරිලාල් කොඩිකාර , ජෝන් රාජදාස  වැනි ශිල්පීන් විසින් පුවත්පත සඳහා කවි පන්ති ඉදිරිපත් කර තිබේ. 







No comments:

Post a Comment